Wednesday, September 8, 2010

හිරු එළිය මෙන්
මල් සුවඳ මෙන්
සුවඳ දී පෑයූ
මගේ ජීවිතය
නුඹම විය
එදත්
අදත්
හැමදාමත්

Monday, September 6, 2010

ජීවිතේ හරිම පුදුමයි. අපි ජීවිතේ හිනා වෙනවා. අඩනවා. ළතැවෙනවා. දුක් වෙනවා. සුසුම් හෙළනවා. ආදරය....කාටද පුළුවන් ආදරය නැතුව ජීවත් වෙන්න. මිනිස්සුන්ට විතරක් නෙමෙයි. මේ ලෝකෙ කුරා කුහුඹුවාගෙ ඉඳන් මහා සද්දන්ත සත්ත්වයාටත් සිත් පිත් නැති ගහ කොළ මල් වලටත් ආදරේ නැතුව එකම එක මොහොතක්වත් තමන්ගෙ පණ නල ගෙවා දමන්න බැහැ නේද? පිපාසය කොයි තරම් දැඩි වුනත් කුසගින්න කොයි තරම් උග‍්‍ර වුනත් අපිට ඉවසා දරා ගන්න තරම් ශක්තියක් තියෙනවා. ඒත් හිතක් ගතක් තියෙන කෙනෙක්ට ආදරය අහිමි වුනොත් ඒ කෙනාට ජීවිතේ දකින්න, නැවත පියවි සිහියක් ලබා ගන්න, හැකි වෙයිද ? ඒක කරන්න හරිම අමාරුයි. ඕනම කෙනෙක්ට ජීවත් වෙන්න නම් ඒ කෙනාට ඒකට මහා ලොකු ශක්තියක් ඔන. ඒ ශක්තිය කිසිම කෙනෙක් උපතින්ම මිට මොළොවගෙන එන්නෙ නැහැ. ජීවිතේ අපි ලබන අත්දැකීම්, අපි ඇසුරු කරන අයත් එක්ක, අපේ සිතුවිලි තමයි අපිව ඉදිරියට අරගෙන යන්නෙ. ඒ දේවල්ම තමයි අපේ ජීවිතවලට ශක්තියක් ගේන්නෙ. අපිට පුළුවන් නම් මිල මුදල් වලින් සැප සම්පත් වලින් නෙමෙයි එකම එක වචනයකින් හරි තවත් කෙනෙක්ගෙ ජීවිතේකට හයියක් වෙන්න. ඒක තමයි මිනිස්සු විදියට අපිට කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් මහගුම දේ. හැම මනුස්සයෙක්ටම ජීවිතේ අඩන්නෙ නැතුව ළතැවෙන්නෙ නැතුව දුක් නොවී සුසුම් නොහෙළා සතුටින් හිනාවෙන්න එතකොට හැකි වේවි. හැම කෙනෙක්ටම ආදරේ දැනේවි. ආදරේ දැනුනාම ජීවත් වෙන්න පුදුම තරම් ශක්තියක් දැනේවි. ඔබට හැකි හැම මොහොතකම ඒ ශක්තිය තවත් කෙනෙක්ට දෙන්න. ජීවත් වෙන කාලය පුරාවටම ඔබේ ඒ සත් කි‍්‍රයාව ඔබට අලෝකයක්ම වේවි. එතකොට ඔබ ඇත්තටම උතුම් මනුස්සයෙක්.