
ඔබට මතක නෑ
මට මතකයි...
පසුගිය වසන්ත කාලේ..
ඔබට මතක නෑ
මට මතකයි...
පසුගිය වසන්ත කාලේ..
මා හද උයනේ
එකම මලයි පිපුණේ..
ඒ මල ඔබ දෙස බලා සිටිද්දී
සැලී සැලී ආශාවෙන්
නොසිතූ ලෙසින් ඔබ යන්න ගියේ..
පසුගිය වසන්ත කාලේ..
ඔබට මතක නෑ...
මට මතකයි...
පසුගිය වසන්ත කාලේ..
ගැයුම - විශාරද නන්දා මාලනී
අහම්බෙන් වගේ දැකපු පද කිහිපයක් නිසා මට මේ ගීතය අහන්න හිතුණා. නන්දා මාලනියන් විසින් ගයනු ලබන මෙම ගීතයට මගේ හිත පුදුම විදියට ඇදිලා ගියා. ගීතය පුරාවටම බොහෝ දුරක් මට ඇහුණෙ සුමියුරු සංගීතය පමණයි. පද කිහිපයක් පමණයි තියෙන්නෙත්. හරිම අපූරුයි. හරිම සංවේදී පද එකතුවක්. ඔබත් අහන්න. මා නිවැරදිද කියා ඔබත් අසා විඳ බලන්න.
ආදරයේ විරහව තැවරුණු ගීතයක සෝ සුසුම්වල ස්වරයන්ගේ වේදනාව ඔබටත් නිසැකවම දැනේවි.
thnQ
ReplyDeleteමේ ඇල්බම් එක-මතක හැටියට තාරකා ඇස්.. ඒකේ ඔක්කොම සින්දු ටික ලස්සනයි.
ReplyDeleteලස්සන ඉසව්වක්. අදමයි ආවේ. දැන් දිගටම එන්නම්.හැකිනම් අකුරු තව ටිකක් ලොකු කරන්න බලන්න.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්