Monday, December 27, 2010

එක්ව යමු මේ නොනවතින ගමනේ....


තුන් ලොවම නිවන්නට
බුදු රදුන් උපන් සමයෙක
ඒ බුදු රදුගේ අමා දම්
ලෝ පතළ සමයෙක
පින්වත්කම් දෝතින් දරා
මනුසත්වයින් වී ඉපදිලා අප
සසර සැරිසරමින්
පින් පව් විඳිමින්
ඇවිද යන්නෙමු අප
ගිය තැන්
යා යුතු තැන්
බොහොමයි මේ සසර කතරේ...
ඉතින් අපි එක්ව යමු
මේ නොනවතින ගමනේ
අමා දම් සුව විඳිමින් ...
සසර ඉම සොයාගෙන ...

Thursday, December 9, 2010

බලන්න ඔබත් කෙතරම් නම් අපූරුද ?..





බුදු හාමුදුරුවො අපිත් දකින්නැති .. බණත් අහන්නැති ඒ කාලේ ..
නිවන් දකින්නට පිං මදිවෙන්නැති .. ඒකයි තවමත් සංසාරේ ..

සමහර විට ඔබ මේ රූපය මීට කලින් දැකලා ඇති. මේ පින්තූරය දැක්කාම මගේ හිතට නිතැතින්ම මතක් වුණේ ඒ පද ටික. අපේ රටේ ප‍්‍රවීණ ගායන ශිල්පියෙකු වන වික්ටර් රත්නායකයන්ගෙ හඩ මුසුව මේ රූපය මගේ නෙත ගැටුණ විගසම මට සිහිපත් වුණා. හොඳින් බලන්න. තිරිසන් සත්වයෙකුගේ මේ කි‍්‍රයා කලාපය කෙතරම් නම් අපූර්වජනකද කියලා. කෙතරම් නම් සුන්දරද. කෙතරම් නම් ආශ්චර්යජනකද. මේ දුක් සංසාරෙන් එගොඩ වෙන්න මමත් බුදු මග ගමන් කරනවා කියන සිතුවිල්ල නම් මෙයාගෙ හිතේ නැතුව ඇති. හැබැයි සංසාරගත පුරුද්දක් වෙන්නත් බැරි නැහැ. ඒ කොහොම වුණත් මනුස්සයෙක් වෙලා ඉපදුණු හැම කෙනෙකුටම මේ සත්ත්වයා දෙන්නෙ පුදුම තරම් වටින ආදර්ශයක් නේද යාළුවේ.

ඇත්තටම ඔබටත් මොකද හිතෙන්නෙ.

Wednesday, December 1, 2010

ආදරියේ නුඹටමයි..




සිත පෙරා හළ හළා

සුමුදු පිවිතුරු සුනිල

ගත කරා විනිවිදව

පිරී ඉතිරී ගලන

නුඹේ සිත සුව කරන

මගේ මන සැප සදන

මිහිරෙන්ම මිහිරි වූ

ඒ සුවය

ඒ රසය

ඔබටමයි... ඔබටමයි...

සුවහසක් සිත් අතරේ

මගේ සිත

මටත් නොකියාම ළඟට ගෙන

පෙම් බැන්ද

ආදරියේ නුඹටමයි..