Monday, December 27, 2010

එක්ව යමු මේ නොනවතින ගමනේ....


තුන් ලොවම නිවන්නට
බුදු රදුන් උපන් සමයෙක
ඒ බුදු රදුගේ අමා දම්
ලෝ පතළ සමයෙක
පින්වත්කම් දෝතින් දරා
මනුසත්වයින් වී ඉපදිලා අප
සසර සැරිසරමින්
පින් පව් විඳිමින්
ඇවිද යන්නෙමු අප
ගිය තැන්
යා යුතු තැන්
බොහොමයි මේ සසර කතරේ...
ඉතින් අපි එක්ව යමු
මේ නොනවතින ගමනේ
අමා දම් සුව විඳිමින් ...
සසර ඉම සොයාගෙන ...

Thursday, December 9, 2010

බලන්න ඔබත් කෙතරම් නම් අපූරුද ?..





බුදු හාමුදුරුවො අපිත් දකින්නැති .. බණත් අහන්නැති ඒ කාලේ ..
නිවන් දකින්නට පිං මදිවෙන්නැති .. ඒකයි තවමත් සංසාරේ ..

සමහර විට ඔබ මේ රූපය මීට කලින් දැකලා ඇති. මේ පින්තූරය දැක්කාම මගේ හිතට නිතැතින්ම මතක් වුණේ ඒ පද ටික. අපේ රටේ ප‍්‍රවීණ ගායන ශිල්පියෙකු වන වික්ටර් රත්නායකයන්ගෙ හඩ මුසුව මේ රූපය මගේ නෙත ගැටුණ විගසම මට සිහිපත් වුණා. හොඳින් බලන්න. තිරිසන් සත්වයෙකුගේ මේ කි‍්‍රයා කලාපය කෙතරම් නම් අපූර්වජනකද කියලා. කෙතරම් නම් සුන්දරද. කෙතරම් නම් ආශ්චර්යජනකද. මේ දුක් සංසාරෙන් එගොඩ වෙන්න මමත් බුදු මග ගමන් කරනවා කියන සිතුවිල්ල නම් මෙයාගෙ හිතේ නැතුව ඇති. හැබැයි සංසාරගත පුරුද්දක් වෙන්නත් බැරි නැහැ. ඒ කොහොම වුණත් මනුස්සයෙක් වෙලා ඉපදුණු හැම කෙනෙකුටම මේ සත්ත්වයා දෙන්නෙ පුදුම තරම් වටින ආදර්ශයක් නේද යාළුවේ.

ඇත්තටම ඔබටත් මොකද හිතෙන්නෙ.

Wednesday, December 1, 2010

ආදරියේ නුඹටමයි..




සිත පෙරා හළ හළා

සුමුදු පිවිතුරු සුනිල

ගත කරා විනිවිදව

පිරී ඉතිරී ගලන

නුඹේ සිත සුව කරන

මගේ මන සැප සදන

මිහිරෙන්ම මිහිරි වූ

ඒ සුවය

ඒ රසය

ඔබටමයි... ඔබටමයි...

සුවහසක් සිත් අතරේ

මගේ සිත

මටත් නොකියාම ළඟට ගෙන

පෙම් බැන්ද

ආදරියේ නුඹටමයි..




Sunday, November 21, 2010

දනීදෝ ඔබ...


නීල අහසේ
හීත ගනඳුර
කපා පෑයූ
තාරුකාවනි,
දනීදෝ ඔබ
දනීදෝ ..
නෙක කැලූමින්
ප‍්‍රභාවත් වූ
තාරුකාවක්
මගේ ළඟ අද...


ඔහු මා වෙනුවෙන් ලියූ පද කිහිපයකි. ඔහු කවුරුන්දැයි ඔබට මඳක් හෝ වැටහෙනු ඇතැයි මා සිතමි..

Monday, November 15, 2010

ඔබ ආදරණීය මිනිසෙක් වෙන්න...

ජීවිතේ මම විඳින්න අකමැතිම දේ තමයි මම නිසා කෙනෙක් පසුතැවිලි වීම. මම නිසා කෙනෙක් දුකෙන් ඉන්නවා නම් ඒක මට දරා ගන්න හරිම අමාරු දෙයක්. ඒ වෙලාවට මට ඕන කරන්නෙ කොහොම හරි ඒ කෙනාව ඒ පසුතැවිල්ලෙන් මුදවන්න. මම ගැන වැරදි වැටහීමකින් ඒ කෙනා පසුතැවිලි වෙනවා නම් මට ඕන ඒ දේ කොහොම හරි විසඳ ගන්න. නැත්තම් ඒක මගේ හිතට මහා ලොකු වේදනාවක්. ඒ කෙනා මට ගැහුවත් කමක් නෑ. බැන්නත් කමක් නෑ. නිහඩ වෙලා කිසිම දෙයක් නොකියා ඉන්න එක දරාගෙන ඉන්නවට වඩා මට ඒක දරාගන්න පුළුවන්.

අපි මිනිස්සුන්ට කොයි තරම් නම් ලෙංගතු වුණත් අන්තිමේ ඒ දේ අපේ හිත්වලට වේදනාවක් ඉතුරු කරන්නෙ ඇයි. හැමෝටම පුළුවන් නම් හැමෝවම තේරුම් ගන්න. කොහොම නමුත් මේ ලෝකෙ ජීවත් වෙන මිනිස්සුන්ව තේරුම් ගන්න එක තරම් අපහසු දෙයක් තවත් නම් නැහැ කියලයි මට නම් හිතෙන්නෙ.

හැම කෙනෙක්ම තවත් කෙනෙක්ගේ හිතක් නොරිද්දවා ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඒක කරන්න අමාරු දෙයක් නම් නෙමෙයි. ඔබට පුළුවන්. ඔබ ආදරණීය මිනිසෙක් වෙන්න. හැමෝගෙම හිත් ඇතුළෙ ජීවත් වෙන කෙනෙක් වෙන්න. සුන්දරව ඔබව කෙනෙක්ට විඳින්න පුළුවන් වෙන්නෙ එතකොටයි. ඔබ නිසා කිසිම දවසක කිසිම කෙනෙක්ට ජීවිතේ විඳවීමක් ඉතුරු නොකරන්න වගබලා ගන්න. ඒක හරිම උතුම් දෙයක්. ඒ උතුම් මිනිස්කම ඔබව හැමදාමත් රැුක ගන්නවා. ඒක නොඅනුමානයි.

Monday, November 8, 2010

පින්සාර තනුව නුඹ...

නේක වූ දුක් දොම්නසින්
තැලූම් ලත් හදවතින්
සිනාසෙන නුඹ..
මහා මේරුව සේ
දුක් හදවතේ දරාගෙන
සෙනෙහසේ සඳ එළිය
මුවින් විදහන..
මගේ දුක දැක
මාව සනසන..
නිමක් නැති දයාවේ
ප‍්‍රතිමූර්තිය නුඹ ..
සසර ගුවන් ගැබ
නින්නාද වී ඇසෙන
සෙනෙහසේ සෙත් කවිය,
පින්සාර තනුව නුඹ...

Friday, November 5, 2010

නුඹට ලියමි...

පින්වන්ත මවකගේ
සෙනෙහෙ බිජුවෙන් උපන්,
ඒ සෙනෙහෙ බලයෙන් උපන්
කිරිබිඳුවල
ඇගේ පින්වන්ත රුහිරු ධාරාවල
අරුමය
නුඹ ගත සිත පුරා
දුවනු මට පෙනේ...
පින්වන්ත මවගේ
පින්වන්ත පියාගේ
නොමඳ සෙනෙහෙන්
විශ්වයම දකිනා
පින්බර පුුතේ
නුඹට මා
හිස නමමි...

මගේ ළඟ ඉන්න...

අහස ඔබ වගෙයි
සඳත් ඔබ වගෙයි..
මල් සුවඳ ඔබ වගෙයි..

අහස වගේ ඔබ
මගේ ළඟ ඉන්න
ඔබට හැකි පමණ..

Tuesday, October 26, 2010

මගේ ආදරේ ....


ඉමක් කොනක් නොපෙනෙන මහා අනන්තය වගේ් මං එයාට ආදරෙයි .....

ජීවිතේ මං දැකපු වටිනාම මනුස්සයා තමයි ඒ.

පුදුම විදියට එයාටත් නොදැනෙන්න

මං ජීවිතේ එයාගෙන් ඉගෙන ගන්න පටන් ගත්තා.

පොත් පත් කියවලාවත් ජීවිතේ ගැන ඉගෙනගන්න බැරි අපමණක් දේවල්

මං තවමත් එයාගෙන් ඉගෙන ගන්නවා.

මිනිස්සු විදියට අපි ලබා ගත්ත මේ මිනිස් ජීවිතවල වටිනාකම

මම ගොඩක්ම ඉගෙන ගත්තෙ එයාගෙන්..

ඒ නිසාම මට මගේ ජීවතේටත් වඩා එයාව වටිනවා.

මම එයාට ගොඩාක් ආදරෙයි..

මං මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන්නෙ එයාට ..

ජීවිතේ මට කියලා දුන්නෙ එයා.

ඒ විදියෙ ගතිගුණ තියෙන මනුස්සයෙක්

මට කවදාවත්ම මුණ ගැහිලා නැහැ ..

කියන්න බැරි තරම් මම එයාට ආදරෙයි..

මගේ ජීවිතේ එයා තරම් වටින සම්පතක් තවත් මට නැති තරම්..

මට පුදුම විදියට එයාගෙ ආදරේ දැනෙනවා..

මට ජීවත් වෙන්න ඒ ආදරේ විතරක් වුණත් ඇති කියලා හිතෙන තරමටම ඒ දේ මට දැනෙනවා ..

මේ ලෝකෙ මම දකින උතුම්ම දේ තමයි ආදරේ....

ආදරේ කරලා ආදරේ දීලා තවත් කෙනෙක්ව සතුටු කරන්න පුලූවන්නම්

ඒක තමයි මිනිස්සු විදියට අපිට කරන්න පුළුවන්

උතුම්ම දාන පාරමිතාව ..

මිනිස්සු දිහා කරුණාවෙන් ආදරයෙන් හැම සිදුවීමක් දිහාම සාධාරණව බලන්න මට කියලා දුන්නෙ එයා.

ඇත්තටම මේ ලෝකෙ

සොඳුරුතම ආදරණීයම මනුස්සයා එයා වෙන්නඇති.

මගේ ජීවිතේ මට කරන්න පුලූවන් උපරීම කැපවීම් වුනත්

මං එයා වෙනුවෙන් කරනවා.

ඒ මම එයාට පුදුම විදියට ආදරේ හින්දා ..

ජීවිතේ ඒ තරම්ම මං වෙන කෙනෙක්ට ආදරේ නැති හින්දා ...

Tuesday, October 19, 2010

ආදරණීය නුඹට ...

නිවාගෙන තැවුණු සිත
සීතල දියර බිඳක් සේ...
උසුලාන මහ බරක් කර මත
මේ මහා දෙරණ සේ...
සිත ගත දරාගෙන
නේක දුක් දොම්නසින්
නොසැළෙන පහන් ටැඹක් සේ...
හිඳී නුඹ
නිහඩව...
නිසලව...

Monday, October 18, 2010

මගේ අප්පච්චී...


කෙළෙස් මලින් පිරි

සංසාර ගමනේ

දුක් සැප උසුළා

ඇවිද යන්නට

නුඹේ සුළැඟිල්ලේ එල්ලී

මමත් එන්නද

මගේ අප්පච්චී...

Tuesday, October 5, 2010

කවියක් වගේ..''



''කවියො කවි ලියනවා

වචන බොහොම පරිස්සමට යොදනවා

කවියෙ රස නොමැකෙන විදියට

කවියට හානියක් නොවෙන විදියට

එතකොටයි එයාට පුලූවන්

අවසානය ෙසොඳුරු කවියක උරුමකරුවෙක් වෙන්න.

ඇත්තටම ඔයත් හරියටම

ඒ විදියට ප‍්‍රවේසමින් ලියපු

කවියක් වගේ..''

හරිම සුන්දරයි

ඒ සොඳුරු බව

ඒ මිහිරි බව

පුදුම විදියට මාව ජීවත් කරවනවා..

හරියටම ඔයා මගේ ළගින් ඉන්නවා වගේම

මට දැනෙනවා...

Wednesday, September 8, 2010

හිරු එළිය මෙන්
මල් සුවඳ මෙන්
සුවඳ දී පෑයූ
මගේ ජීවිතය
නුඹම විය
එදත්
අදත්
හැමදාමත්

Monday, September 6, 2010

ජීවිතේ හරිම පුදුමයි. අපි ජීවිතේ හිනා වෙනවා. අඩනවා. ළතැවෙනවා. දුක් වෙනවා. සුසුම් හෙළනවා. ආදරය....කාටද පුළුවන් ආදරය නැතුව ජීවත් වෙන්න. මිනිස්සුන්ට විතරක් නෙමෙයි. මේ ලෝකෙ කුරා කුහුඹුවාගෙ ඉඳන් මහා සද්දන්ත සත්ත්වයාටත් සිත් පිත් නැති ගහ කොළ මල් වලටත් ආදරේ නැතුව එකම එක මොහොතක්වත් තමන්ගෙ පණ නල ගෙවා දමන්න බැහැ නේද? පිපාසය කොයි තරම් දැඩි වුනත් කුසගින්න කොයි තරම් උග‍්‍ර වුනත් අපිට ඉවසා දරා ගන්න තරම් ශක්තියක් තියෙනවා. ඒත් හිතක් ගතක් තියෙන කෙනෙක්ට ආදරය අහිමි වුනොත් ඒ කෙනාට ජීවිතේ දකින්න, නැවත පියවි සිහියක් ලබා ගන්න, හැකි වෙයිද ? ඒක කරන්න හරිම අමාරුයි. ඕනම කෙනෙක්ට ජීවත් වෙන්න නම් ඒ කෙනාට ඒකට මහා ලොකු ශක්තියක් ඔන. ඒ ශක්තිය කිසිම කෙනෙක් උපතින්ම මිට මොළොවගෙන එන්නෙ නැහැ. ජීවිතේ අපි ලබන අත්දැකීම්, අපි ඇසුරු කරන අයත් එක්ක, අපේ සිතුවිලි තමයි අපිව ඉදිරියට අරගෙන යන්නෙ. ඒ දේවල්ම තමයි අපේ ජීවිතවලට ශක්තියක් ගේන්නෙ. අපිට පුළුවන් නම් මිල මුදල් වලින් සැප සම්පත් වලින් නෙමෙයි එකම එක වචනයකින් හරි තවත් කෙනෙක්ගෙ ජීවිතේකට හයියක් වෙන්න. ඒක තමයි මිනිස්සු විදියට අපිට කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් මහගුම දේ. හැම මනුස්සයෙක්ටම ජීවිතේ අඩන්නෙ නැතුව ළතැවෙන්නෙ නැතුව දුක් නොවී සුසුම් නොහෙළා සතුටින් හිනාවෙන්න එතකොට හැකි වේවි. හැම කෙනෙක්ටම ආදරේ දැනේවි. ආදරේ දැනුනාම ජීවත් වෙන්න පුදුම තරම් ශක්තියක් දැනේවි. ඔබට හැකි හැම මොහොතකම ඒ ශක්තිය තවත් කෙනෙක්ට දෙන්න. ජීවත් වෙන කාලය පුරාවටම ඔබේ ඒ සත් කි‍්‍රයාව ඔබට අලෝකයක්ම වේවි. එතකොට ඔබ ඇත්තටම උතුම් මනුස්සයෙක්.

Thursday, August 12, 2010

මා යනෙන මඟ සරන
නිතින් මා ළඟ රැුඳෙන
ඔබ මගේ සංසාර සුවඳක් වෙලා
ඇත්තමයි..
සත්තයි..

Sunday, July 18, 2010

ඔබත් නොදැනිම ....

ඔබත් නොදැනිම
ඈත දවසක
අඳුර තැවරූ
මේ පොළොව මත
සුවහසක් රනින් මැවු
එකම එක
සඳ එළිය
නුඹ ....

Friday, July 16, 2010

ආයුබෝවන්...

මගේ සෙවණ යටට සපැමිණි ඔබ සැමට ආයුබෝවන්...

ඉහල අහස

ඉහල අහස
නිලක් ඇතැයි මම සිතුවෙමි
සොයා ඒ නිල
පියාසර කල නමුත්
සෑම තැනම මා දුටුවේ
හිස් බව පමණයිග
- මහගම සේකර