Friday, November 5, 2010

නුඹට ලියමි...

පින්වන්ත මවකගේ
සෙනෙහෙ බිජුවෙන් උපන්,
ඒ සෙනෙහෙ බලයෙන් උපන්
කිරිබිඳුවල
ඇගේ පින්වන්ත රුහිරු ධාරාවල
අරුමය
නුඹ ගත සිත පුරා
දුවනු මට පෙනේ...
පින්වන්ත මවගේ
පින්වන්ත පියාගේ
නොමඳ සෙනෙහෙන්
විශ්වයම දකිනා
පින්බර පුුතේ
නුඹට මා
හිස නමමි...

1 comment:

  1. කොයිතරම් හැඟුම්බරද ? හරිම ලස්සනයි

    ජයවේවා

    ReplyDelete