Tuesday, October 26, 2010

මගේ ආදරේ ....


ඉමක් කොනක් නොපෙනෙන මහා අනන්තය වගේ් මං එයාට ආදරෙයි .....

ජීවිතේ මං දැකපු වටිනාම මනුස්සයා තමයි ඒ.

පුදුම විදියට එයාටත් නොදැනෙන්න

මං ජීවිතේ එයාගෙන් ඉගෙන ගන්න පටන් ගත්තා.

පොත් පත් කියවලාවත් ජීවිතේ ගැන ඉගෙනගන්න බැරි අපමණක් දේවල්

මං තවමත් එයාගෙන් ඉගෙන ගන්නවා.

මිනිස්සු විදියට අපි ලබා ගත්ත මේ මිනිස් ජීවිතවල වටිනාකම

මම ගොඩක්ම ඉගෙන ගත්තෙ එයාගෙන්..

ඒ නිසාම මට මගේ ජීවතේටත් වඩා එයාව වටිනවා.

මම එයාට ගොඩාක් ආදරෙයි..

මං මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන්නෙ එයාට ..

ජීවිතේ මට කියලා දුන්නෙ එයා.

ඒ විදියෙ ගතිගුණ තියෙන මනුස්සයෙක්

මට කවදාවත්ම මුණ ගැහිලා නැහැ ..

කියන්න බැරි තරම් මම එයාට ආදරෙයි..

මගේ ජීවිතේ එයා තරම් වටින සම්පතක් තවත් මට නැති තරම්..

මට පුදුම විදියට එයාගෙ ආදරේ දැනෙනවා..

මට ජීවත් වෙන්න ඒ ආදරේ විතරක් වුණත් ඇති කියලා හිතෙන තරමටම ඒ දේ මට දැනෙනවා ..

මේ ලෝකෙ මම දකින උතුම්ම දේ තමයි ආදරේ....

ආදරේ කරලා ආදරේ දීලා තවත් කෙනෙක්ව සතුටු කරන්න පුලූවන්නම්

ඒක තමයි මිනිස්සු විදියට අපිට කරන්න පුළුවන්

උතුම්ම දාන පාරමිතාව ..

මිනිස්සු දිහා කරුණාවෙන් ආදරයෙන් හැම සිදුවීමක් දිහාම සාධාරණව බලන්න මට කියලා දුන්නෙ එයා.

ඇත්තටම මේ ලෝකෙ

සොඳුරුතම ආදරණීයම මනුස්සයා එයා වෙන්නඇති.

මගේ ජීවිතේ මට කරන්න පුලූවන් උපරීම කැපවීම් වුනත්

මං එයා වෙනුවෙන් කරනවා.

ඒ මම එයාට පුදුම විදියට ආදරේ හින්දා ..

ජීවිතේ ඒ තරම්ම මං වෙන කෙනෙක්ට ආදරේ නැති හින්දා ...

4 comments:

  1. ආදරේ ඇක්කටම මෙච්චර සුන්දරද?

    word verification අයින් කරන්න සහෝ

    ReplyDelete
  2. නියමයි මොන දේ උනත් එයාව අතහරින්න එපා

    ජයවේවා !!

    ReplyDelete
  3. හර්ෂි

    ආදරය සුන්දරයි තමයි. ඒක එකිනෙකා විඳින අත්දැකීම් අනුව ඒ ඒ අය දකින විදිය වෙනස්. ඒ ඒ අයට දැනෙන විදිය වෙනස්. ඒකයි මම මගේ ආදරය ගැන මේ විදියට කියද්දි ගොඩ දෙනෙක් පුදුම වෙන්නෙ.

    ReplyDelete