Monday, November 15, 2010

ඔබ ආදරණීය මිනිසෙක් වෙන්න...

ජීවිතේ මම විඳින්න අකමැතිම දේ තමයි මම නිසා කෙනෙක් පසුතැවිලි වීම. මම නිසා කෙනෙක් දුකෙන් ඉන්නවා නම් ඒක මට දරා ගන්න හරිම අමාරු දෙයක්. ඒ වෙලාවට මට ඕන කරන්නෙ කොහොම හරි ඒ කෙනාව ඒ පසුතැවිල්ලෙන් මුදවන්න. මම ගැන වැරදි වැටහීමකින් ඒ කෙනා පසුතැවිලි වෙනවා නම් මට ඕන ඒ දේ කොහොම හරි විසඳ ගන්න. නැත්තම් ඒක මගේ හිතට මහා ලොකු වේදනාවක්. ඒ කෙනා මට ගැහුවත් කමක් නෑ. බැන්නත් කමක් නෑ. නිහඩ වෙලා කිසිම දෙයක් නොකියා ඉන්න එක දරාගෙන ඉන්නවට වඩා මට ඒක දරාගන්න පුළුවන්.

අපි මිනිස්සුන්ට කොයි තරම් නම් ලෙංගතු වුණත් අන්තිමේ ඒ දේ අපේ හිත්වලට වේදනාවක් ඉතුරු කරන්නෙ ඇයි. හැමෝටම පුළුවන් නම් හැමෝවම තේරුම් ගන්න. කොහොම නමුත් මේ ලෝකෙ ජීවත් වෙන මිනිස්සුන්ව තේරුම් ගන්න එක තරම් අපහසු දෙයක් තවත් නම් නැහැ කියලයි මට නම් හිතෙන්නෙ.

හැම කෙනෙක්ම තවත් කෙනෙක්ගේ හිතක් නොරිද්දවා ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඒක කරන්න අමාරු දෙයක් නම් නෙමෙයි. ඔබට පුළුවන්. ඔබ ආදරණීය මිනිසෙක් වෙන්න. හැමෝගෙම හිත් ඇතුළෙ ජීවත් වෙන කෙනෙක් වෙන්න. සුන්දරව ඔබව කෙනෙක්ට විඳින්න පුළුවන් වෙන්නෙ එතකොටයි. ඔබ නිසා කිසිම දවසක කිසිම කෙනෙක්ට ජීවිතේ විඳවීමක් ඉතුරු නොකරන්න වගබලා ගන්න. ඒක හරිම උතුම් දෙයක්. ඒ උතුම් මිනිස්කම ඔබව හැමදාමත් රැුක ගන්නවා. ඒක නොඅනුමානයි.

1 comment:

  1. ඇත්ත ............අපි ඔය විදිහට හිතුවට අනෙක් අය එහෙම හිතන්නේ නැත්නම් ? අපිට නිතරම කරදරයක් වෙන කෙනෙක් ඉන්නවා නම් එහෙම අය තමයි ගැටළුව ....

    අදහස නියමයි

    ජයවේවා !!

    ReplyDelete