Wednesday, December 1, 2010

ආදරියේ නුඹටමයි..




සිත පෙරා හළ හළා

සුමුදු පිවිතුරු සුනිල

ගත කරා විනිවිදව

පිරී ඉතිරී ගලන

නුඹේ සිත සුව කරන

මගේ මන සැප සදන

මිහිරෙන්ම මිහිරි වූ

ඒ සුවය

ඒ රසය

ඔබටමයි... ඔබටමයි...

සුවහසක් සිත් අතරේ

මගේ සිත

මටත් නොකියාම ළඟට ගෙන

පෙම් බැන්ද

ආදරියේ නුඹටමයි..




1 comment:

  1. ලස්සනයි නොකියා වෙන මොනා කියනනද ? ඇත්තෙන්ම ලස්සනයි ..

    ජයවේවා !!

    ReplyDelete