මට ෙමි ගැන ටිකක් හිතන්න හිතුණා. අපි ජීවිතේ කොතෙක් සැප සම්පත් භුක්ති විඳින්න පොර කනවද. හැම වෙලාවෙම අපි උත්සාහ දරන්නෙ තවත් කෙනෙක්ට වඩා ඉහළින් කැපී පෙනෙන්න. එහෙමත් නැතිනම් තමන්ගෙ ළගින්ම ඉන්න හිතවතුන්ටත් නොකියා ඒ අයගේ දේවලූත් කඩා වඩාගෙන පැනලා දුවන්න. ජීවත් වෙලා ඉන්න ටිකේ උපරිම සැප විඳලා මැරිලා යන්න ඕන කියලායි ගොඩ දෙනෙක්ගෙ අදහස. ඒ අදහස හරිද. සැප විඳින්න ඕන තමයි. එක එක්කෙනා උරුම කරගෙන එන පිං පව් වලට අනුව ඒ ඒ අය සැප විඳනවා. දුක් විඳිනවා.
මේ ජීවිතේ පමණයි මේ ආත්මය පමණයි අපි මැරිලා ගිහින් ආයෙමත් මේ සැප මැද්දෙම උපත ලබනවා කියන හැඟීම දරාගෙනයි මේ මිනිස්සු ජීවත් වෙන්නෙ කියලා මට හිතෙනවා. මිනිස්සු සැප විඳිනවා. ඒ සැප කියන්නෙ මොනවද. මොකද්ද. යාන වාහන, තට්ටු ගෙවල් දොරවල්, නවීන පන්නයේ විලාසිතා, කෑම බීම, උසස් නිලතල දැරීම, උසස් නිලතල දරන්නන් ඇසුරු කිරීම. මේ වගේ දහසකුත් භෞතිකමය සැප සම්පත් වගේම ඒ දේවල් ඔස්සේ ජීවත් වෙන්න හීන දකින එක තමයි අද මිනිස්සු සැප විදියට දකින්නෙ. ඇත්ත ලෝකය, ජීවිතේ සැබෑ යතාර්ථය සැප කියන මුලාවෙන් තමන් විසින්ම වහගෙන ඉන්න සැබෑ බව කිසිම කෙනෙක් තේරුම් ගන්න උත්සාහ ගන්නෙ නැහැ. සැපයි සැපයි කියලා ජීව්තේ සුුන්දරත්වයක් මවාගෙන උදම් අනන්න උත්සාහ ගන්නවා පමණයි.
ඒත් ඇත්ත ඒක නෙමෙයි කියලා ඔබ මොහොතකට හරි හිතන්න උත්සාහ ගත්තද. නියම සැපය මොකද්ද කියලා ඔබ මොහොතකට හරි හිතුවද.
අපි දුක් වෙනවා අපි කැමති දේවල් අපට නොලැබෙනකොට. ඒ කියන්නෙ අපි අකමැති දේවල් අපිට ලැබෙනවට අපි කැමති නැහැ. ඒ වගේම අපි කැමති දේවල් අපිට ලැබෙනකොට අපි සතුටු වෙනවා. අපි සතුටු වෙන්නෙ අපි බලාපොරොත්තු වෙන දේවල් ඒ විදියට ලැබුණොත් විතරයි. ඒත් සමහර වෙලාවට ඒ දේවල් වලිනුත් අපි තෘප්තිමත් වෙන්නෙ ගොඩක්ම අඩුවෙන්.
මිනිස්සු අසීමිත ආසාවන් පස්සෙ හැල්මෙ දුවනවා කියලා මට හිතෙනවා. හති වැටෙන දවසක් ඒවිද කියලා හිතන්න මොහොතක් හරි පුළුවන් නම් ඒක තමයි වඩාත්ම වැදගත්. එහෙනම් මොකද්ද ඇත්ත. අපි මේ දුක් වෙලා ලබා ගන්න කිසිම සැප සම්පතක් සදාකාලික නැහැ නේද. මොහොතක සතුට සැනසුම වෙනුවෙන් අපි ලක්ෂ ගණනින් මුදල් පවා වියදම් කරනවා. ඒත් ඒ සතුට සදාකාලික සැපයක් නම් නෙමෙයි.
අපි කැමති දේවල් අපිට නොලැබෙනකොට අපි දුක් වෙනවා තමයි. ඒත් ඒක තමයි මේ ලෝකෙ තියෙන උතුම්ම සැපය. ඒ වගේම අපි කැමති දේවල් අපිට ලැබෙනකොට අපි මහා ඉහළින් සතුටු වෙනවා. ඒක තමයි මේ ලෝකෙ මිනිස්සු දකින්න අකමැති වුණත් විඳින්න අකමැති වුණත් මහා සැපය වන්නේ. ඒක තමයි සැබෑ යථාර්තය වන්නේ.
ඔබ හිතයි ඒක කොහොමද එහෙම වෙන්නෙ කියලා. අපිට දෙයක් අහිමි වෙනවා නම් ඒක තමයි සැපය. අපිට දෙයක් හිමි වෙනවා නම් ඒක තමයි දුක. මෙන්න මේ දේ තේරුම් ගන්න පුළුවන් ඔබටත්. හැබැයි නුවණින් විමසා බැලූවොත් පමණයි එය කළ හැක්කේ. අපි කැමති දේවල් ලබා ගන්න අපි බොහෝ වෑයම් කරනවා. වෙහෙසෙනවා. අන්තිමේ ලබා ගන්නවා. ඒ කියන්නෙ අපි තවත් ආසාවන් පස්සෙ යනවා. ලැබෙන්න ලැබෙන්න තවත් ලබා ගන්න පොර කනවා. ඒත් නිමාවක් නැහැ නේද. අන්තිමේ මියැදෙන්නෙ ඒ හැම භෞතික සැප සම්පතක්ම දාලා. වෙන්නෙ එකම එක දෙයයි. අපි මේ ඇවිදින සංසාර ගමන තවත් අපි දික් කරගන්නවා. බැඳීම් ආසාවන් එක්ක සැපයි කියන මුලාවෙන් වැහුණ දුක එකතු කරගෙන අපි කර ගන්න හදන්නෙ ඒ දේ නේද. ඒක නිසා තමයි හිමි වීම නිසා අපිට දුක ලැබුණා කියලා හිතන්න නුවණ වෙහෙසන්න කියලා මම ඔබට කිව්වෙ.
ඒත් එක්කම අපි අපිට නොලැබෙන දේවල් පස්සෙ කොතෙක් නම් හඹාගෙන යනවද. කොයි තරම් නම් ඒ නොලැබීම් නිසා අපි අඩනවද වැළපෙනවද. දුක් වෙනවද. ආශාවන් පස්සෙ හඹාගෙන ගිහින් අපි හිතා මතාම දුකට පත්වෙනවා නේද. සමහර විට අපිට ඒ දේ ලැබෙන්න පුළුවන්. ඒත් අපි හිතන ආකාරයටම අපි බලාපොරොත්තු වුණ ආකාරයටම ඒ දේ අපිට ලැබුණෙ නැහැ කියලා ඊළඟට අපි ආයෙමත් දුක් වෙනව නේද. බලන්න අපි සැපයි කියලා රැුවටීම්වලට මුලාවීම්වලට අහුවෙලා නේද. නොදැනීම වෙලා තියෙන්නෙ ඒ දේ නේද. අවසානයේ ආයෙමත් අපි සංසාරෙ කිළිටි කර ගන්න උත්සාහ ගන්නවා. දුක දකින්න දුක විඳින්න අපි කැමති නැහැ.
මේ කෙළවරක් නැති දුක් සහිත ගමන නිමා කර ගන්න නේද අපිට ඕන. එහෙනම් කිසිම දෙයක් හිමි නොවුණා කියලා දුක් වෙන්නවත් හිමි වුණා කියලා ඕනවට වඩා සතුටු වෙන්නවත් එපා. හිමි වුණා කියලා දුක් වෙන්න. හිමි නොවුණා කියලා සතුටු වෙන්න. බැඳීම් වලින් තොර ජීවිතේ එතකොටයි සැබෑම ජයග‍්‍රහණය.
ජීවිතේ පුදුමාකාර නිදහසක් සැහැල්ලූවක් ලබාගන්න නම් එයමයි ඔබ විසින් කළ යුත්තේ..
සබසක්
ReplyDeleteයම් අයෙක් මියෙන්නට කොතෙක් කලකට පෙර මේ බැව් අවබෝධ කර ගනීද එතරමට ම ඔහුට හෝ ඇයට තම දිවිය සැහැල්ලුවින් සතොසින් ලොවට බරක් නොවන සේ ගත කල හැකි වනු ඇති. සසර දිගු නොවනු ඇති