Sunday, November 21, 2010

දනීදෝ ඔබ...


නීල අහසේ
හීත ගනඳුර
කපා පෑයූ
තාරුකාවනි,
දනීදෝ ඔබ
දනීදෝ ..
නෙක කැලූමින්
ප‍්‍රභාවත් වූ
තාරුකාවක්
මගේ ළඟ අද...


ඔහු මා වෙනුවෙන් ලියූ පද කිහිපයකි. ඔහු කවුරුන්දැයි ඔබට මඳක් හෝ වැටහෙනු ඇතැයි මා සිතමි..

Monday, November 15, 2010

ඔබ ආදරණීය මිනිසෙක් වෙන්න...

ජීවිතේ මම විඳින්න අකමැතිම දේ තමයි මම නිසා කෙනෙක් පසුතැවිලි වීම. මම නිසා කෙනෙක් දුකෙන් ඉන්නවා නම් ඒක මට දරා ගන්න හරිම අමාරු දෙයක්. ඒ වෙලාවට මට ඕන කරන්නෙ කොහොම හරි ඒ කෙනාව ඒ පසුතැවිල්ලෙන් මුදවන්න. මම ගැන වැරදි වැටහීමකින් ඒ කෙනා පසුතැවිලි වෙනවා නම් මට ඕන ඒ දේ කොහොම හරි විසඳ ගන්න. නැත්තම් ඒක මගේ හිතට මහා ලොකු වේදනාවක්. ඒ කෙනා මට ගැහුවත් කමක් නෑ. බැන්නත් කමක් නෑ. නිහඩ වෙලා කිසිම දෙයක් නොකියා ඉන්න එක දරාගෙන ඉන්නවට වඩා මට ඒක දරාගන්න පුළුවන්.

අපි මිනිස්සුන්ට කොයි තරම් නම් ලෙංගතු වුණත් අන්තිමේ ඒ දේ අපේ හිත්වලට වේදනාවක් ඉතුරු කරන්නෙ ඇයි. හැමෝටම පුළුවන් නම් හැමෝවම තේරුම් ගන්න. කොහොම නමුත් මේ ලෝකෙ ජීවත් වෙන මිනිස්සුන්ව තේරුම් ගන්න එක තරම් අපහසු දෙයක් තවත් නම් නැහැ කියලයි මට නම් හිතෙන්නෙ.

හැම කෙනෙක්ම තවත් කෙනෙක්ගේ හිතක් නොරිද්දවා ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඒක කරන්න අමාරු දෙයක් නම් නෙමෙයි. ඔබට පුළුවන්. ඔබ ආදරණීය මිනිසෙක් වෙන්න. හැමෝගෙම හිත් ඇතුළෙ ජීවත් වෙන කෙනෙක් වෙන්න. සුන්දරව ඔබව කෙනෙක්ට විඳින්න පුළුවන් වෙන්නෙ එතකොටයි. ඔබ නිසා කිසිම දවසක කිසිම කෙනෙක්ට ජීවිතේ විඳවීමක් ඉතුරු නොකරන්න වගබලා ගන්න. ඒක හරිම උතුම් දෙයක්. ඒ උතුම් මිනිස්කම ඔබව හැමදාමත් රැුක ගන්නවා. ඒක නොඅනුමානයි.

Monday, November 8, 2010

පින්සාර තනුව නුඹ...

නේක වූ දුක් දොම්නසින්
තැලූම් ලත් හදවතින්
සිනාසෙන නුඹ..
මහා මේරුව සේ
දුක් හදවතේ දරාගෙන
සෙනෙහසේ සඳ එළිය
මුවින් විදහන..
මගේ දුක දැක
මාව සනසන..
නිමක් නැති දයාවේ
ප‍්‍රතිමූර්තිය නුඹ ..
සසර ගුවන් ගැබ
නින්නාද වී ඇසෙන
සෙනෙහසේ සෙත් කවිය,
පින්සාර තනුව නුඹ...

Friday, November 5, 2010

නුඹට ලියමි...

පින්වන්ත මවකගේ
සෙනෙහෙ බිජුවෙන් උපන්,
ඒ සෙනෙහෙ බලයෙන් උපන්
කිරිබිඳුවල
ඇගේ පින්වන්ත රුහිරු ධාරාවල
අරුමය
නුඹ ගත සිත පුරා
දුවනු මට පෙනේ...
පින්වන්ත මවගේ
පින්වන්ත පියාගේ
නොමඳ සෙනෙහෙන්
විශ්වයම දකිනා
පින්බර පුුතේ
නුඹට මා
හිස නමමි...

මගේ ළඟ ඉන්න...

අහස ඔබ වගෙයි
සඳත් ඔබ වගෙයි..
මල් සුවඳ ඔබ වගෙයි..

අහස වගේ ඔබ
මගේ ළඟ ඉන්න
ඔබට හැකි පමණ..